වතු ආශ්‍රිත අයට පෙර පාසල් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව නොමිලේ
- 2020-12-23 22:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වතු ආශ්‍රිත ළමා සංවර්ධන මධ්‍යස්ථාන පාලිකාවන් 670 දෙනෙකු සහ පෙර පාසල් ගුරුවරියන් 343 දෙනෙකු සඳහා පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව දීමට රජය කටයුතු කර තිබේ .
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය මගින් අදාළ යොමු කිරීම් සිදු කළ බවයි.එහිදී විවෘත විශ්වවිද්‍යාලය හා ජාතික අධ්‍යාපන ආයතනය මගින් මෙම ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට ඔවුන් යොමු කර තිබේ.
මීට අමතරව මුල් ළමාවිය සංවර්ධනය සහ පෙර පාසල් අධ්‍යාපනයේ මූලික සංකල්ප පිළිබඳ පෙර පාසල් ගුරුවරියන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහා වූ දින 07ක සේවාස්ථ පුහුණු පාඨමාලාවක්, පෙරපාසල් ගුරුවරියන් 13951 දෙනෙකු වෙත නොමිලේ පැවැත්වීමටද මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ මේවනවිට පෙර පාසල් 19,668ක් පවතින අතර, පෙර පාසල් ගුරුවරුන් 45,182 ක සංඛ්‍යාවක් ඉගෙනුම් ක්‍රියාවලියට හා දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනයට දායක වේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පෙර පාසල් ගුරුවරුන් සඳහා ජාතික වශයෙන් සලකනු ලබන අවම වෘත්තීය සුදුසුකම නම් මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය සම්බන්ධ වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා තිබීමයි.
කෙසේවුවද 2016 වර්ෂයේදී පැවැත් වූ පෙර පාසල් පිළිබඳ ප්‍රථම ජාතික සංගණනයට අනුව පෙර පාසල් ගුරුවරුන් අතරින් 30%කට ආසන්න ප්‍රමාණයක් වෘත්තීය සුදුසුකම් ලබා නොමැති බව නිරීක්ෂණය වී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments