වහල් දූපත නිදහස් කරයි
- 2023-02-02 11:34:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉංග්‍රීසි භාෂාවෙන් Slave Island ලෙස හැදින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤවීදිය” ලෙස භාවිතා කිරීමට අදාලව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි හැත්තෑපස් වෙනි නිදහස් දිනයට සමගාමීව ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා හා කොලඹ මහ නගර සහාවේ නාගරික කොමසාරිස්වරයා ද දැනුම්වත් කර තිබේ.
සිංහල හා දෙමළ භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙස භාවිතා කළ ද යටත් විජිත සමයේ එම පෙදෙස හැදින්විමට යොදාගත් Slave Island යන නාමකරණය මේ දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments