Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අප රටේ පාරිභෝජනයට  අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණයම 2025 වනවිට අප රටේම නිපදවා ගැනීමේ වැඩ පිළිවෙළ මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

විශේෂයෙන් මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය විසින් හඳුන්වා දී ඇති ඉහළම අස්වැන්නක් ලබා දෙන නවතම හයිබ්‍රිඩ් මිරිස් විශේෂ දෙක වන MICH-1, MICH-2 මිරිස් ප්‍රභේද සාර්ථක වීම නිසා මෙම ඉළක්කය සපුරා ගැනීමට හැකි වී තිබේ.

එම මිරිස් ප්‍රභේද දෙක මෙතෙක් අප රටේ මිරිස් වගාව අඩාල කිරීමට බලපෑ කොළ කොඩවීමේ රෝගය (Leaf Curl Complex) වැනි රෝග ගණනාවකට ඔරොත්තු දීමත් , ඉහළ අස්වැන්නක් හා එම මිරිස් බීජවලින්ම කන්න කිහිපයක්ම යන තෙක් උසස් අස්වැන්නක් ලබා ගත හැකි වීමත් නිසා අපේක්ෂිත මිරිස් අස්වැන්න පහසුවෙන් ලබා ගත හැකි ව තිබේ.

ඊයේ (15) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී බෝග වර්ග 13ක් සදහා පත් කර ඇති බෝග සම්බන්ධීකාරක නිලධාරින් සමග සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව 2023 වර්ෂයේ දී අදාල බෝග වර්ග 13 වගා කිරීම හා ඉළක්කයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 55,000කි. මෙතෙක් අප රටේ නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 5000ක් පමණක් වන අතර ඉතිරි 50,000ම ආනයනය කරනු ලැබ තිබේ.

2023 වසරේ දී මෙරට හෙක්ටෙයාර් 18,779ක මිරිස් වගා කිරීමට සැලසුම් කර තිබේ. ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 13,000කි. එම ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 25ක් වේ. ඒ අනුව මෙරටට අවශ්‍ය සම්පූර්ණ මිරිස් ප්‍රමාණය ම 2025 වනවිට නිපදවීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මෙරට වාර්ෂික අමු මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 70,000ක් වේ. පසුගිය වසරේ දී මෙරට අමු මිරිස් මෙට්‍රික් ටොන් 35,718ක් නිෂ්පාදනය කර ඇත. ආනයනය කරන ලද වියළි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 47,696කි. අප රටට අවශ්‍ය සමස්ත අමුමිරිස් ප්‍රමාණය ම දැනට අප රටේ නිපදවනු ලැබුවත් වියළි මිරිස් තවමත් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි.

වියළි මිරිස් ආනයනය  සඳහා අප රටෙන් වෙනත් රටවලට ඇදී යන  විදේශ විනිමය මෙරටදීම ඉතිරි කර ගැනීම සඳහා අප රටේ නිපදවීම මෙන්ම අප රට තුළ නිපදවිය  හැකි හැම දෙයක්ම රට තුළ නිපදවා ගැනීම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ඉළක්කය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික අංශය ද මේ වනවිට මිරිස් වගාව කෙරෙහි උනන්දුවක් දක්වන අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය ASMP  හා කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව  සහභාගිත්ව වැඩ සටහන SAPP  මගින් ද මිරිස් වගාව ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, නවීන උපකරණ මෙන්ම මුල්‍ය ප්‍රතිපාදන ද ලබා දෙනු ලබයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.