Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස 4ක කාලයක් තාවකාලිකව නවතා තිබූ ලෝක මදුරු වැඩසටහනේ ක්ෂේත්‍ර කටයුතු 2021 වසරේ පෙබරවාරි මස සිට නැවත ආරම්භ  කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වොල්බැකියා බැක්ටීරියා අන්තර්ගත ඊඩ්ස් ඊජිප්ටයි මදුරුවන් සාර්ථකව මුදාහැරීම තුළින් ඩෙංගු චිකන්ගුන්යා, සිකා හා කහ උණ වයිරස්වලට සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව අවම කිරීම ලෝක මදුරු වැඩසටහන මගින් සිදු කෙරේ.

පොදු ස්ථාන ඉලක්ක කර ගනිමින් ලෝක මදුරු මර්දන වැඩසටහන විසින් වොල්බැකියා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හැරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය කොළඹ මහනගර සභා දිස්ත්‍රික් අංක 01 හා නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ නියමිත මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

මෙම වැඩපිළිවෙළ යටතේ මදුරු බඳුන නැමැති බහාලුමක් උපයෝගී කර ගනිමින් වොන්බැකියා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් මුදා හැරිනු ඇත. මෙම මදුරු බදු ජලයෙන් පිරී පවතින අතර අතුරු බිත්තර හා ආහාර අඩංගු කැප්සියුලකකින් සමන්විතය. මදුරුවන් බෝ කිරීම සඳහා වීදි උද්‍යාන හා සෙවණ සහිත ප්‍ර දේශවල මෙම මදුරු බඳුන එල්ලා තැබේ.

මෙම මදුරු බදුන ප්‍රජාවට නොමිලයේ ලබා දෙන අතර සති දෙකක පමණ කාලයදී මේරූ බිත්තර තුළින් මදුරුවන් සැදී එම මදුරුවන් මදුරු බඳුනෙන් පිටතට පියාසර කරනු ඇත.

මෙසේ මුදාහරින මදුරුවන් එම ප්‍ර දේශවල සිටින මදුරුවන් සමග එක්ව වොල්බැකියා බැක්ටීරියා අඩංගු නව මදුරුවන් පරම්පරාවක් බිහි කරයි.

මෙම මදුරුවන් ආරක්ෂිත වන අතර ප්‍රජාව ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කිරීමටද උපකාරී වනු ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.