ශ්‍රී පාද වන්දනා සමය අනිද්දා ඇරඹෙයි
- 2022-12-05 11:53:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර (2022/2023) ශ්‍රීපාද වන්දනා වාරය (දෙසැම්බර් )උඳුවප් පුන් පෝය (07) දා සිට ආරම්භ වී 2023 වසරේ වෙසක් පුන් පෝය දිනයෙන නිමාවට පත්වීමට නියමිතය.
අවාර සමයේ පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල, ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සඳාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ සුභ නැකත් අනුව (05) දා පස්වරුවේ දොරට වැඩම කිරීම සිදු කරන්නේ ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිවය.
අනතුරුව එහිදී චාරිත්‍රාණුකුලව පුද පූජා පැවැත්වීම සිදු කරනු ලබන්නේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මධ්‍යයේය.
(06) දා අළුයම යෙදෙන සුභ නැකත් අනුව පැල්මුුඬුල්ල, ගල්පොත්තාවෙල. ශ්‍රීපාද රජමහා විහාරයේ සිට ශ්‍රිපාදස්ථානය වෙත සඳාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ රැගත් ශ්‍රීපාද පෙරහැර වැඩම කිරීම පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මත පෙර වසරවලදි මෙන්ම මෙවරද මාර්ග 04 කින් සිදු කෙරේ. හැටන් -නල්ලතන්නිය, කුරුවිට එරත්න, පලාබද්දල හා බගවන්තලාව යන මාර්ග වලින් මෙසේ වැඩම කිරීම සිදු කෙරේ.
උඳුවප් පුන් පෝය යෙදී ඇති (07) දා අළුයම යෙදෙන සුභ නැකත් අනුව ශ්‍රීපාද පත්මය සුවඳ පැණින් දෝවනය කිරීම ශ්‍රීපාද නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් සිදු කරනු ලබයි. අනතුරුව චාරිත්‍රාණුකූල පුද පූජා පවත්වා සඳාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාදස්ථානයේ පිහිටි සුමන සමන් දේවාලයේ තැන්පත් කිරිම සිදු කරනු ලබන්නේ, ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඥඥායනා මධ්‍යයේය.
2023 වසරේ වෙසක් පුන් පෝය දිනය දක්වා පුරා මාස 06 ක කාලයක් තිස්සේ පැවැත්වෙන ශ්‍රීපාද වන්දනා සමය සදහා පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන්, ආරක්ෂක අංශයේ හා රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පොදු පහසුකම් සැපයීම සම්බන්ධව නුවරඑළිය හා රත්නපුර මහ දිසාපතිවරුන්ගේ උපදෙස් අනුව සියළු කටයුතු සූදානම් කර ඇති බව එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පවසයි.
ගාමිණී බණ්ඩාර
Reply To:
Name - Reply Comment
0 Comments