Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර අධ්‍යාපන සබඳතා සංවර්ධනයට සහ දෙරට අතර සහයෝගිතාව වඩාත් ශක්තිමත් ව පවත්වාගැනීම සඳහා ඉදිරියේ දී වැඩසටහන් සැලසුම් කළ යුතු බව ද, විශේෂයෙන් ම විදේශ භාෂා අධ්‍යයනයේ වැදගත්කම සිසුන් වෙත අවධාරණය කළ යුතු බව ද,  ශ්‍රී ලාංකීය සිසුන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන අවස්ථා සහ පුහුණු වැඩසටහන් ඉහළ නැංවීම සඳහා ප්‍රංශ රජයේ දායකත්වය අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ප්‍රංශ තානාපති එරික් ලවෙර්තු (Eric Lavertu) මහතා අතර පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී විශේෂ හමුවක් පැවති අතර එහි දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී එල් පීරිස් මහතා ලබාදෙන දායකත්වය සම්බන්ධව විශේෂ ප්‍රසාදය පළ කළ තානාපතිවරයා, ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යවරයා යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රගතිශීලී වෙනස්කම් රැසක් සිදුකරන්නට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති විශේෂ හමුවක දී ඔහු සඳහන් කළ බව ද පැවසීය.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය තුළ  සිසුන්ට මූලික උපාධි  සහ පශ්චාත් උපාධි අවස්ථා ලබාදීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වූ අතර, පවතින කොවිඩ් තත්ත්වය යහපත් වූ  පසු, ඉදිරියේ දී එවැනි අවස්ථා සම්පාදනයට සහ පවත්නා අවස්ථා වඩාත් පුළුල් කිරීමට කටයුතු කළ හැකි බව තානාපති ඔරෙලියන් මෙයිට් මහතා සඳහන් කළේය. එමෙන්ම, මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ සහ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රංශ භාෂාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙළක් සැලසුම් කිරීමට ද මෙහි දී සාකච්ඡා විය.

අධ්‍යාපන අමාත්‍යාංශය විෂය භාර රාජ්‍ය අමාත්‍යාංශ හතරක් යටතේ වඩාත් පුළුල් වපසරියක් සහිතව ක්‍රියාත්මක වීම නිසා ඉදිරි අධ්‍යාපන සැලසුම් ක්‍රියාවට නැංවීම වඩාත් පහසු වී ඇති බව මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසීය.  

 

    

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.