Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ 22 දින අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ හමුවකදී කොවිඩ්-19 එන්නත සැපයීම සහ පරිපාලනයට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ශ්රීී ලංකාවට සහතිකයක් ලබා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිගර්, ලෝක සෞඛ්ය සංවිධානයේ නියෝජිත වෛද්යී රාෂියා පෙන්ඩ්සේ මහත්මීන් සහ යුනිසෙෆ් නියෝජිත ටිම් සුටන් මහතා මෙම හමුවට එක්ව සිටියහ.

රටවල් කිහිපයක් කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ කර ඇති අතර ශ්රී ලංකාවට මෙම එන්නත ලබා දීම සම්බන්ධයෙන් සහතික විය හැකි බව අග්රාිමාත්යබතුමා සමඟ පැවැති මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතින්ගේ නියෝජිතයෝ විශ්වාසය පළ කළහ.

“මෙම අභියෝගාත්මක කාලයේදී ශ්රී ලංකාවට සහයෝගය දැක්වීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බව සිගර් මහත්මිය පැවසුවාය.

විශාල ප්‍රමාණයක් එන්නත් ලබා ගැනීමේදී ඒවා ලැබුණු වහාම එන්නත් කිරීම සහ අදාළ කටයුත්ත පරිපාලනය කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රවේශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහ රජයේ නියෝජිතයෝ අතර මෙහිදී එකඟතාවක් ඇතිවූහ.

“බොහෝ රටවල කොවිඩ්-19 හි භයානක දෙවන රැල්ලක් පෙනෙන්නට තිබෙනවා” යැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වසංගතය අවසන් කළ හැකි එකම පියවර එන්නත් ලබාදීම බව පෙනෙන්නට ඇතැයි කියා සිටියේය.

මෙම වසරේ අප්‍රේල් මාසයේ දී කොවිඩ්-19 ප්‍රවේශය වෙනුවෙන් “ACT-Accelerator” නමින් ගෝලීය සහයෝගීතාවයක් ඇති කරන ලදී.

COVAX පහසුකම යටතේ කොවිඩ්-19 රෝග විනිශ්චය, චිකිත්සක සහ එන්නත් නිෂ්පාදනයට සමානව එන්නත් ලබාදීමේ ප්ර්වේශය වේගවත් කිරීම සඳහා ඊට සුදුසුකම්ලත් රටක ජනගහනයෙන් අවම වශයෙන් 20% ක් සඳහා එන්නත් මාත්රාහවක් ලබා දෙනු ඇත. මුලදී ඉහළ අවදානම් කණ්ඩායම් වලට එන්නත් ලබාදීම සිදු වේ.

එන්නත් ලබාදීමේ ක්රියයාවලිය සහ මහජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ටිම් සූටන් මහතා මුල් අදියරේ එන්නත් ප්‍රසම්පාදනය සඳහා යුනිසෙෆ් ආයතනය දැනටමත් සහාය වෙමින් සිටින බවත්, නියමිත 20% ඉලක්කය ඉක්මවා එන්නත් ලබාදීම සඳහා රජයට සහාය විය හැකි බවත් අග්‍රාමාත්‍යවරයාට කියා සිටියේය.

කොවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් විස්තර කළ වෛද්‍ය පෙන්ඩ්සේ මහත්මිය, එන්නත ලබා ගත්තද ජනතාව පූර්වාරක්ෂාකව සමාජගතව සිටිය යුතු බව අවධාරණය කළාය.

“එය තවමත් නව එන්නතක්,” යැයි කීවේ වෛද්‍ය පෙන්ඩ්සේ මහත්මිය “එය මිනිසුන් මිය යාමෙන් ආරක්ෂා කරයි, නමුත් එය පැතිරයාම කොතරම් දුරට අඩු කරන්නේදැයි නොදන්නා බව” කියා සිටියාය.
මෙම විශේෂ හමුවේදී අවධාරණය වූ ප්‍රධාන පණිවිඩය නම් එන්නත ලැබීමෙන් පසුව වුවද මිනිසුන්ට මෙම වසංගතය සම්බන්ධයෙන් උදාසීන වී කටයුතු කළ නොහැකි බවයි.

මේ සම්බන්ධ අධ්‍යනයන් අඛණ්ඩව ක්‍රියාත්මක අතර එන්නත ඔස්සේ ලැබෙන ආරක්ෂාව කොපමණ කාලයක් වලංගුවනවාදැයි තවමත් නිශ්චිත නැති බව වෙද්‍යවරු පවසති. ඒ අනුව, එන්නත මඟින් වයිරසය ශරීරයෙන් මුළුමනින්ම ඉවත් කරයි ද නැතහොත් වයිරසයේ බලපෑම අඩුකරනවාද යන්න තවමත් අවිනිශ්චිතය.

බලපෑම අඩුකිරීම පමණක් සිදුවේ නම් එන්නත ලබා ගත් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට ආසාදනය වීමේ හැකියාව පවතියි. එන්නත ලබා ගත් පසුවද මුව ආවරණයක් පැළඳීම, අත් සේදීම සහ ශරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමට මහජනයා දැඩිව සිහි තබාගත යුතුය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් එස්.එච්.මුණසිංහ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

රජයේ නිල පුවත් සේවය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.