Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල්වල ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායකයින් කේන්ද්‍ර කරගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් ළමා ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන 2022 සඳහා පාසල් ලියාපදිංචි කිරීම දැන් සිදුකෙරේ. මේ සඳහා රාජ්‍ය,අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල 9 වැනි ශ්‍රේණියේ සහ ඊට ඉහළ ශ්‍රේණිවල ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් හට  හා පිරිවෙන්වල ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන්ට හා සිසුන්ට ඊට සහභාගී විය හැකිය.

ළමා හිතකාමී සහ සුරක්ෂිත පරිසරයක් පාසල තුළ නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහනට විජය ළමා පුවත්පත මාධ්‍ය දායකත්වය සපයයි. ලියාපදිංචිය සඳහා අදාළ අයදුම්පත් වෙබ් අඩවියෙන් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරියාගෙන් හෝ දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරියාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරියාගෙන් හෝ ලබාගත හැකියි. අදාළ අයදුම්පත නිවැරදිව පුරවා 2002 සැප්තැම්බර් මස 30 වැනි දින හෝ ඊට ප්‍රථම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය,නො.330,තලවතුගොඩ පාර,මාදිවෙල,ශ්‍රී ජයවර්ධනපුර ලිපිනයට එවන්න. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යක්ෂ (සැලසුම්) ශානිකා මලල්ගොඩ මහත්මිය අමතන්න.  071 -7151506, 0112778911 දිගුව (142) දුරකථන අංකවලට අමතන්න. shanika.ncpa@gmail.com

අයදුම් පත්‍රය මෙතැනින් 

සිංහල / ඉංග්‍රීසි 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.