ශිෂ්‍ය වීසා පත්වීම් තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකාවෙන් තීරණයක්

2025 ජුනි මස 05 පෙ.ව. 07:55 - {{hitsCtrl.values.hits}}  

ශිෂ්‍ය වීසා සඳහා පත්වීම් කාලසටහන්ගත කිරීම නැවත දැනුම් දෙන තුරු නවත්වන ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ලොව පුරා ඇති ඇමෙරිකානු තානාපති කාර්යාල වෙත දන්වා තිබේ.

ශිෂ්‍ය වීසා ඉල්ලුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය පුළුල් පරීක්ෂාවකට ලක්කිරීමට තීරණය කිරීමත් සමග මෙම නව තීරණය තානාපති කාර්යාල වෙත දන්වා තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙත යවන ලද සංදේශයක දක්වා ඇත්තේ "තවදුරටත් මග පෙන්වීමක් නිකුත් කරන තුරු" මෙම විරාමය පවතින බවයි..

තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල සඳහා "සැලකිය යුතු ඇඟවුම්" ඇති කරන ශිෂ්‍ය වීසා සඳහා සමාජ මාධ්‍ය පරීක්ෂාව වේගවත් කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...