Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2020 වර්ෂය සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2020-10-11 වැනි ඉරිදා දින පැවැත්වීමටත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමටත් තීරණය කර ඇත.

ඒ අනුව, 2020-ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා  දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ලැබේ.

තෙවැනි පාසල් වාරය 2020 නොවැම්බර් 09 වැනි දායින් ආරම්භ වන අතර, 2020-දෙසැම්බර් 23 දායින් අවසන් වේ. 2020 වසරේ වාර අවසාන නිවාඩුව  දෙසැම්බර් 24 වැනි දා සිට 2021 ජනවාරි 01 දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව, 2021 වසරේ නව පාසල් වාරය  ජනවාරි 04 වැනිදායින් ආරම්භ කෙරේ.

2020 වර්ෂය සඳහා නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021-01-18 සිට 2021-01-27 දක්වා පැවැත්වේ. මෙම කාල පරිච්ඡේදය  සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලෙස ක්‍රියාත්මක වේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් 2021 ජනවාරි 01 දා සිට 2021 ජනවාරි 17 දක්වා අධ්‍යයන නිවාඩු කාලයක් හිමිවේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පාසල් ආරම්භ වන්නේ 2021 පෙබරවාරි 01 දින සිටයි. එසේම තෙවැනි පාසල් වාරය දෙසැම්බර් 24 වැනිදා නිම කිරීමට යෝජනා වී තිබේ.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අයදුම්පත්‍ර යොමු කිරීම සඳහා දුන් කාලය සිකුරාදායින් (31) නිමවේ.

මෙවර විභාගය සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත ක්‍රමවේදය මඟිනි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අදාළ අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්පූර්ණ කර යොමු කළ යුතු වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.