Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2020 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් ලබාදීම සඳහා නිර්ණය වූ දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉහළ අගයක් ගැනීම සම්බන්ධයෙන් දෙමව්පිය හා ගුරු සංගම් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කරන ලද කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ (01)  මාධ්‍ය වෙත  විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

1- 13 ශ්‍රේණි සහිත බාලක සහ බාලිකා පාසල් ද, මිශ්‍ර පාසල් ද , 6- 13 ශ්‍රේණි පවතින බාලක, බාලිකා සහ මිශ්‍ර ජාතික පාසල් සඳහා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම පිළිබඳව ක්‍රියාවලියේ කිසිදු වෙනසක් කර නොමැත. පාසල් සඳහා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කරගැනීමට සම්බන්ධව පෙර පැවති චක්‍රලේඛ අනුවම එම ක්‍රියාවලිය සිදු කෙරිණි. 2017, 2018, 2019 සහ  2020 යන වර්ෂයන්හි  පාසල්වලට ශිෂ්‍යත්වධාරීන්  ඇතුළත්  කරගැනීමේ ක්‍රමවේදයෙහි කිසිදු වෙනසක් කර නොමැති බව ද ඒ අනුව අදාළ දෙමව්පිය හා ගුරු සංගම් වෙත තහවුරු කරන ලදී .

මෙවර ශිෂ්‍යත්ව සමතුන්ගේ  දිස්ත්‍රික් කඩයිම් ලකුණු ජනවාරි 15 වැනි දින නිකුත් කරන ලද අතර, අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි ඒ සම්බන්ධ සියලු තොරතුරු යාවත්කාලීන කරන ලදී. එහෙත් මින් පෙර නොවූ ආකාරයක කඩයිම් ලකුණු ඉහළ යාමක් සහ ඒ තුළින් දරුවන්ට විශාල අසාධාරණයක් වී ඇති බවට  දෙමව්පියන් නගන අදහස  සම්බන්ධයෙන් ප්‍රායෝගික ව ක්‍රියාත්මක විය හැකි ආකාරය ද එහිදී පැහැදිලි කෙරිණි.හැකිනම් කඩයිම් ලකුණු අඩු කොට දරුවන්ට යම් සහනයක් සලසන ලෙස  දෙමව්පියන් විසින් කළ යෝජනාව අනුව, දිස්ත්‍රික් කඩයිම් ලකුණ එකකින් හෝ දෙකකින් අඩුකර, 6 වන ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරිමට ඉදිරියේ දී සලකා බලනු ලැබේ.

ලකුණක් අඩු කිරීම තුළ වැඩිවන සිසුන් ගණන වෙනුවෙන් ඇතැම් විට දැනට පවතින පන්ති සංඛ්‍යාව තව දුරටත් වැඩි කිරීමට පවා සිදුවිය හැකි බවද, පන්ති කාමර පහසුකම් මානව සම්පත් ඇතුළු ප්‍රායෝගික අභියෝග හමුවේ මෙය සංකීර්ණ කටයුත්තක් බවද, සියලු ජාතික පාසල්වල   මේ සම්බන්ධයෙන්  පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි මාසයක කාලය ඇතුළත දෙමව්පියන් විසින් කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන සිසුන් ඇතුළත් කිරීම වෙනුවෙන් විනිවිද භාවයෙන් යුතු ක්‍රියාපිළිවෙතක්  අනුගමනය කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය . ඒ අනුව ශිෂ්‍යත්වධාරීන් ලියාපදිංචි කිරීමේ කටයුතු තවත් මාසයකින් ප්‍රමාද  කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව ද අධ්‍යාපන ලේකම්වරයා පැවසීය .

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.