Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉදිරියේ දී මෙරට අධ්‍යාපන රටාව තුළ අත්‍යවශ්‍ය සාධනීය පියවරක් තබමින් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසි දු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකිරීමට තමන් අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

 නාවල පිහිටි ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යනායිකා නිළ ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. 

එවැනි ක්‍රමවේදයක් නොතිබීමෙන් ඉහළ ලකුණු ගන්නා සිසුන්ට සිදු වන බලවත් අසාධාරණය වැලැක්විය යුතු බව අමාත්‍යවරයාගේ අදහසයි.

එහෙත් දෙමාපියන්ට අවශ්‍ය 7-8 පන්තිවලට හෝ දරුවන් ඇතුළත් කරගැනීම බවත් ඒ තරගකාරීත්වය මගින් දරුවන්ගේ සාධන මට්ටම් ඉහළට ඔසවා තැබීමේ අවකාශ ඇහිරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. 

 මෑත දී මෙරට රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්  53,000ක් අතරින් අධ්‍යාපන   ක්ෂේත්‍රයට යොමු කර ඇති 31,000ක  ප්‍රමාණය පිළිබඳ ව ද මෙහි දී අමාත්‍යවරයා අදහස් පළ කළේ ය. එයින් වැඩි පිරිසක් වැඩි පඩි සහිත ගුරු වෘත්තියට ඇතුළත් වීමට උත්සුක වුවත් නිසි ගුරු පුහුණුවක් රහිත ව, තරග විභාග නොපවත්වා, ව්‍යවස්ථානුකූල වයස ඉක්මවමින් ගුරුවරුන් බඳවාගැනීම නුසුදුසු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

විද්‍යාපීඨවල පුහුණුවට බඳවාගන්නේ උසස් පෙළ සමත් අවුරුදු 19, 20 වයස්වල තරුණ පිරිස් වන අතර අවුරුදු 45 වයසේ උපාධිධාරීන් බඳවාගෙන පුහුණු කිරීම ඵලදායීතාවෙන් අඩු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙය, ලක්ෂ අසූවක් වූ දෙමාපියන් හා  හතලිස් එක් ලක්ෂයක සිසුන් සහිත සමස්ත රටට ම බලපාන තත්වයක් බැවින් යාවත්කාලීන වන දැනුම ඔස්සේ ඉදිරියට නොගොස් නිපුණ මානව සම්පත් සහිත ගුණාත්මක සංවර්ධනයක් නොමැති ව නාම පුවරුවෙන් පමණක් ජාතික වී ජාතික මට්ටමට ජාතික පාසල් ගෙන යා නොහැකි බව ද අමාත්‍යවරයා පැවසී ය. 

මෙවර පෙළපොත් මුද්‍රණයට ද පසුගිය වසරවල වැය වූ මුදල මෙන් හතර ගුණයක් ඉක්මවා දැරීමට සිදු ව ඇති බවත් වෙහෙසකර ආයාසයකින් පසු ඊට අවශ්‍ය ද්‍රව්‍ය මේ වන විට ලබාගෙන ඇති බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.