ශිෂ්‍යත්ව සමතුන්ට පාසල් ලබාදීම මාර්ග ගත ක්‍රමයට
- 2020-12-10 15:06:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම වැඩපිළිවෙළෙහි නිල සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත් වූ සිසුන්ට නව පාසල් අයදුම් කිරීමට අදාළ අයදුම්පත් මේ වනවිට දෙමව්පියන් වෙතින් කැඳවා ඇති අතර, ඒ අනුව, සිසුන් අයදුම් කර ඇති පාසල්වල නම් ඇතුළු අදාළ අයදුම්පත්වල සඳහන් අනෙකුත් තොරතුරු දත්ත පද්ධතියට එක් කිරීම විදුහල්පතිවරුන් විසින් සිදුකරනු ලැබේ.
අද සිට දෙසැම්බර් මස 24 වැනි දා දක්වා කාලය ඇතුළත සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් සියලු විදුහල්පතිවරුන්ට මෙම දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇත. මොබිටෙල් ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් රුපියල් මිලියන 7.5 මූල්‍ය පිරිවැයක් දරමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මෙම සේවා පහසුකම නොමිලයේ ලබා දී තිබේ.
අඩු ආදායම්ලාභී සිසු දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම සඳහා ශිෂ්‍යාධාර ලබාදීමත්, දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා ඇති සියලු සිසුන්ට පහසුකම් සහිත පාසලකට පිවිසීමට අවස්ථාව ලබාදීමත් අරමුණු කරගෙන 1952 වසරේ සිට 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය පවත්වනු ලබයි.
රට තුළ මතු වූ කොවිඩ් අභියෝග හමුවේ වුව ද මෙවර සාර්ථක ව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට හැකි වූ අතර, විභාගයට පෙනී සිටි සිසුන් 326,264ක් අතරින් සිසුන් 47,193 දෙනෙකු කඩඉම් ලකුණු ඉක්මවමින් නව පාසලක් සඳහා අයදුම්කිරීමේ සුදුසුකම් ලැබූහ.
පසුගිය වර්ෂයන්හි දී වැඩි කාලයක් සහ වැඩි පිරිසක් සම්බන්ධ කරගනිමින්, පාසල, කලාප අධ්‍යාපන කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන පාර්ශව සියල්ලෙහි ම නිලධාරීන්ගේ දායකත්වයෙන් සිදුකළ මෙම ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයෙන්, නිරවද්‍යව හා කාර්යක්ෂම ව සිදුකරන්නට මෙම මාර්ගගත වැඩපිළිවෙළ සහාය වනු ඇත.
මෙම වැඩපිළිවෙල මාර්ගගත ක්‍රමයට ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය සමඟ වසර 3ක් දක්වා සිය සේවාවන් අඛණ්ඩව ලබාදීමට මොබිටෙල් ආයතනය එකඟ ව සිටින අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමක් හුවමාරු කරගැනීම ද අද සිදුකෙරිණි.
Reply To:
Name - Reply Comment
0 Comments