ශිෂ්‍යත්වය හා උසස්පෙළ මේ වසරේදී බෑ?
- 2021-09-18 22:32:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය මේ වසරේ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ඉරිදා ලංකාදීපය වාර්තා කර සිටියි.
මෙම විභාග දෙකට සිසුන් ලක්ෂ 8කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.
පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග දෙක කොරෝනා අර්බුදය නිසා එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණි.
ගුරු විදුහල්පති වර්ජනයට මේ වනවිට දින 69ක් ගතවීම,විෂයමාලා ආවරණය කර ගැනීමට නොහැකි වීම,විභාග අයැදුම්පත් බාරගැනීම විදුහල්පති වරුන් ප්‍රතික්ෂේප කිරීම යනාදී හේතු නිසා ලබන නොවැම්බර් මාසයේ දී අදාල විභාග පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇති බවටත් ඉරිදා ලංකාදීපය වාර්තා කර සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments