Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු හෙට (24) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී පළමුවෙන් ළමුන් එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බවය.

අනතුරුව කුරුණෑගල සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ කටයුතු ආරම්භ කරන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

"අපි අනුරාධපුර දිස්ත්‍රික්කයත් කුරුණෑගල දිස්ත්‍රික්කයත් මුල්කරගෙන එන්නත්කරණය ආරම්භ කරන්න බලාපොරොත්තුවෙනවා, විශේෂයෙන් සංකූලතා තියෙන අවුරුදු 12ත් 19ත් අතර දරුවන්ට. ඒ වගේම රිජ්වේ ආර්යා ළමා රෝහල අපේ සංඛේතයක්. ඒ නිසා රට දැනුවත් කිරීම සංඛේතවත් කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේන් සිකුරාදා ඒ වැඩපිළිවෙල ආරම්භ කරනවා.

පවතින තත්ත්වය තුළ අපේ ආරථිකයත් යම්කිසි කළමනාකරණයක් යටතේ යා යුතුයි. සම්පූර්ණයෙන් වහනවා කියන එක ප්‍රතික්ෂේප වෙනවා මේ රටේ. ඒක කරන්න බෑ." යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.