සංචාරක කුරුලු උයන හෙට විවෘත කරයි
- 2023-02-19 14:18:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර හන්තානේ ස්ථාපිත මෙරට පළමු විදෙස් පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් හෙට (20දා) පස්වරු 03.00ට විවෘත කිරීමට නියමිතව තිබේ.
හන්තාන තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබදව අක්කර 27ක භූමියක ස්ථාපිත කර ඇති මෙම විදේශීය පක්ෂී උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය විදේශීය පක්ෂී වර්ග සියයකට අධික ප්‍රමාණයකින් සමන්විතව තිබේ.
විදේශීය රටවලට ආවේණීක පක්ෂීන්, සංචාරක පක්ෂීන් ආදීන්ගෙන් සමන්විත මෙම උද්‍යානය ආබාධවලට පත්වූ පක්ෂීන්ට ප්‍රතිකාර කොට නිදහස් කරන ඒකකයකින් ද සමන්විත යැයි එහි සභාපති නිශාන්ත කෝට්ටේගොඩ මහතා පැවසීය.
රුපියල් මිලියන 490 ක විදයමින් ස්ථාපිත කොට ඇති මෙම විදෙස් පක්ෂී උද්‍යානයේ විශාල කූඩු තුල විදෙස් පක්ෂීන් රදවා ඇති අතර සියයකට ආසන්න කාර්යය මණ්ඩලයක් මගින් සතුන් රැක බලා ගැනිම සිදු කෙරෙයි.
අවුරුදු 40 ක කාලයක් තිස්සේ විදෙස් පක්ෂීන් පිළිබදව කරන ලද අධ්‍යනයක් අනුව මෙම උද්‍යානය ආරම්භ කරන අතර විදේශීය පක්ෂීන් රැසක් මෙරටදී අභිජනනය කිරීමට හැකි වීම ද මෙහි ඇති විශේෂත්වයකි.
මෙම පාරිසරික සහ සංචාරක කලාපයේ පළමු අදියර දෙස් විදෙස් සංචාරකයන්ට විදෙස් පක්ෂීන් නැරඹීමේ පහසුකම්, සත්ව විද්‍යා සිසුන් සඳහා අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානයක්, පක්ෂි අනාථාගාරයක්, පක්ෂී උපස්ථාන හා නිරෝධායන ඒකකයකින්ද සමන්විත වෙයි.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට විවෘත වන මෙම පක්ෂි උද්‍යානය මහජනතාව සඳහා ලබන 23 වනදා සිට විවෘත වන බවද සභාපතිවරයා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments