Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නීති දැඩි කිරීමෙන් පමණක් සමාජයක් සංවර්ධනය කළ නොහැකි බවත්, සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීම සඳහා කෙනෙකුගේ කුඩා කළ සිට ම පෙරපාසල්, දහම්පාසල්, පිරිවෙන් ඇතුළු ආයතන හරහා කටයුතු කළ යුතු බවත්, ‍ භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට ප්‍රවිෂ්ඨවීම කාලීන අවශ්‍යතාවක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

සංවර්ධන නිලධාරී සේවයේ නියුතු උපාධිධාරී භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත් කරගැනීමට අදාළව නිකුත් කරන ලද 2020-01-03 දිනැති අමාත්‍යමණ්ඩල තීරණය අනුව,  උපාධිධාරී භික්ෂූන් වහන්සේලා සහ සිල් මාතාවන්  ඇතුළු 35 දෙනෙකු වෙත ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

රටේ අධ්‍යාපන පද්ධතියෙන්  රෝබෝවරුන් තනනු වෙනුවට සිරිත්, විරිත් හඳුනන, සංස්කෘතියට ආදරය කරන සංවේදී මිනිසුන් ගොඩනඟන්නට භික්ෂූන්වහන්සේලා ප්‍රමුඛ ආගමික සංස්ථාවට  සැබෑ දායකත්වයක් ලබා දිය හැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.