සරසවි සඳහා අයදුම්පත්‍ර භාර ගැනීම 21 දා සිට
- 2021-05-19 18:13:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවාගැනීමේ අයදුම්පත් භාරගැනීම මැයි මස 21 වන දින සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල නිකුත් කළ දරුවන්ගේ අයදුම්පත් අන්තර්ජාලය හරහා ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමුකළ යුතු බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
සිසුන් විසින් පුරවන ලද පෝරමයේ ඡායාරූපයක් ගෙන එය අත්සන් තබා සහතික කර apply2020@UGC.ac.lk යන විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන ශිෂ්‍ය අත්පොත ද එදිනම නිකුත් කරන බව පැවසු සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ද ශිෂ්‍ය අත්පොත භාගත කර ගත හැකි බව ද පැවසීය.
ජූනි මස 11 වන දින තෙක් අයදුම්පත් භාරගැනීම සිදුකරයි.
Reply To:
Name - Reply Comment
0 Comments