Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2019 අ.පො.ස (උසස්පෙළ) විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩඉම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයන් තෝරා ගැනීම නිසා මතු වී ඇති ගැටළුව විසඳීම, බඳවා ගැනීම් පටිපාටියට හා පවත්නා නීති රීති වලට අනුකූලව ගැටළු පවතින ශිෂ්‍යන්ගේ ඉල්ලීම් සපුරාලන පරිදි සිදු කිරිමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව, ශිෂ්‍යයන් ඉදිරිපත් කර ඇති අභියාචනා අධ්‍යයනය කර, අභියාචනා මණ්ඩලය විසින් නිර්දේශ කරන අමතර ශිෂ්‍ය සංඛ්‍යාව, විශ්වවිද්‍යාලවලට බඳවා ගැනිම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා 2021.01.26 වන දින අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලදී.

විශ්වවිද්‍යාල වලට මෙම වර්ෂයේදී අමතර ශිෂ්‍යයින් 10,000ක් පමණ වැඩිපුර බඳවා ගත් බවත්, එය විශ්වවිද්‍යාල ඉතිහාසයේ නොමැකෙන සුවිශේෂී ජයග්‍රහණයක් බවත්, එම ශිෂ්‍යයන් සංඛ්‍යාව මෙම තීරණය තුළින් තව දුරටත් ඉහළ යන බවත්, ඔහු වැඩිදුරටත් පැවසීය.

අමතරව බඳවාගැනීමට අපේක්ෂිත ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු 2021-02-08 දින ප්‍රකාශයට පත්කරන බවත්, ඒ සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාලවල පහසුකම්, අමතර ප්‍රතිපාදන ආදී කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත්, ඒ සම්බන්ධව මහා භාණ්ඩාගාරය හා විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සමඟ සාකච්ඡා කරන බවත්, ඔහු සඳහන් කර සිටියේය.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමේ පටිපාටිය පූර්ණ අධ්‍යයනයට ලක්කර නව බඳවාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව පැවසීය. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවී ඇති බවද සඳහන් කළේය.

එහිදී, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි එස්. සෙනරත් මහතා කරුණු දක්වමින් පවසා සිටියේ අතිගරු ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රමුඛ අවධානය මෙම ගැටළුව විසඳීම සඳහා යොමුවී ඇති බැවින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ගැටලු සියල්ල විසඳීමට අවශ්‍ය රජයේ සහාය ලබාදෙන බවයි.

මේ අවස්ථාවට, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන ස්වාමින්වහන්සේ, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම ස්වාමින්වහන්සේ ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍ය නියෝජිතයින්, 2019 උසස්පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය කණ්ඩායමක් හා දෙමාපියන් ඇතුළු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.