සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීමේ කාලය යළි දීර්ඝ කරයි
- 2022-02-09 15:41:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අ.පො.ස සාමාන්‍ය පෙළ 2021 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 17 වැනිදා දක්වා යළි දීර්ඝ කර කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අයදුම්පත් කැඳවීමේ කාලය හෙට (10) දිනෙන් අවසන්වීමට නියමිතව තිබූ අතර ඒ වෙනුවෙන් ලබාදෙන කාලය තවත් සතියකින් දීර්ඝ කිරීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි මෙන්ම නිල ජංගම දුරකතන යෙදවුම ඔස්සේ මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ යුතු අතර රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරයා වෙත ලබාදී ඇති පරිශීලන නාම හා මුරපද භාවිතා කර අයදුම් කළ යුතු බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සාමාන්‍ය පෙළ විභාගය 2021 ලබන මැයි මස 23 සඳුදා දින සිට ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments