Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක සමත් විය. සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය ලෙස සැලකෙන බුකර් සම්මානයට පාත්‍ර වූයේ ශෙහාන් කරුණාතිලකගේ දෙවැනි නව කතාව වන 'සෙවන් මූන්ස් ඔෆ් මලී අල්මේදා' (Seven moons of Mali Almeida) ය.

2011 වසරේ සිය පළමු නවකතාව වන චයිනමන් (Chainaman - The Legend of Pradeep Mathew) හරහා ශෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ විචාරක පැසැසුමට ලක් වෙමිනි.

ජනමාධ්‍යවේදියකු ද වන 46 හැවිරිදි ශෙහාන් කරුණාතිලක ලේඛන කලාවට පිවිසීමට පෙර, දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ රැකියාව කළේය. ශෙහාන් කරුණාතිලක ළමා පොත් රචකයකු, තිරපිටපත් රචකයකු මෙන්ම ගීත පද රචකයකු ද වෙයි.

ඔහු සුප්‍රසිද්ධ The Guardian, Newsweek, Rolling Stone, GQ, National Geographic, Conde Nast, Wisden, The Cricketer සහ the Economic Times ආදී සගරාවලට ලිපි සම්පාදනය කරයි.

ශ්‍රී ලංකාවේ උපත ලැබු ලේඛකයකුට බුකර් සම්මානය හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ මයිකල් ඔන්ඩච්චිය. ඒ,1992 වසරේ 'ඉංග්ලිෂ් පේෂන්ට්' (The English Patient) කෘතිය වෙනුවෙනි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.