සිසුන් 41000කට සරසවි දොර ඇරේ
- 2020-10-26 23:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 41, 000ක් පමණ ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබෙන බව ත් වෛද්‍ය සිසුන් පමණක් 371ක් වැඩිපුර ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ පසුගියදා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.
“මෙරට වෛද්‍යවරුන්ගේ හිඟයක් තවමත් පවතිනවා. එමෙන් ම සබරගමුව වෛද්‍ය පීඨය සඳහා 2019 ජනවාරි මාසයේ සිසුන් 70ක් ඇතුළත් කර ගන්නා ලද අතර, මෙවර එය 100 දක්වා ඉහළ දැමීමට කටයුතු කරනවා. එමෙන් ම රත්නපුර රෝහලට වෛද්‍ය පීඨය ලබා දීම තුළින් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලුවලට පිළියම් මෙන් ම නව පහසුකම් ගණනාවක් ලබාදීමට ද හැකියාව ලැබෙනවා. අපි දන්නවා, රජරට ශික්ෂණ රෝහල සහ වෛද්‍ය පීඨය නිසා එම ප්‍රදේශයේ තිබෙන සෞඛ්‍ය ගැටලු රැසකට විසඳුම් ලැබී තිබෙනවා. විශේෂයෙන් ම පරීක්ෂණ ආදිය සඳහා රෝගීන්, සාම්පල කොළඹට එවීමට අවශ්‍ය වන්නේ නැහැ. ලංකාවේ වෛද්‍යවරුන් පිළිබඳ ලෝකය තුළ ම විශාල පිළිගැනීමකුත් තිබෙනවා. ඒ තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ඉදිරි පිම්මක් අපට ඇති කළ හැකියි.
මේ වෛද්‍ය පීඨයට සිසුන් 700ක් 800ක් ඇතුළත් කර ගැනීමට හැකියාව ලැබුණාට පසු ප්‍රදේශයේ සංවර්ධනය පවා හොඳින් සිදුවේවි. මක්නිසාදයත් එම පීඨ සදහා අවශ්‍ය අනෙකුත් සේවකයන්, අනධ්‍යයන සේවකයන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, සහායක කාර්ය මණ්ඩලය, ආපන ශාලා සහ වෙනත් සේවා සැපයීමට හැකියාව තිබෙනවා. ඒ තුළින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකයට ද විශාල පිටුබලයක් ලැබෙනවා. යනුවෙන් ද පැවසී ය. ’’
Reply To:
Name - Reply Comment
0 Comments