Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සීගිරිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර මෙරට පළමු පරිසර හිතකාමි සංචාරක කළාපයක් ලෙස මේ වසරේ දි ප්‍රකාශයට පත්කෙරේ.

සංචාරක අමාත්‍යාංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය, මධ්‍යම සංස්කෘතික අරමුදල හා වනජීවි දෙපාර්තුමේන්තුව වැනි ආයතන සමග ඒකාබද්ධව මේ සදහා කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

සීගිරිය සංචාරක කළාපයේ ඊයේ (16) හදිසි නිරික්ෂණයක යෙදුණු ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහිදි වැඩිදුරටත් කියා සිටියේ සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ද රජය කටයුතු කරමින් සිටින බවයි.

සීගිරිය පරිසර පද්ධතියට ගැටළුවක් ඇති නොවන ලෙස පානීය ජල පහසුකම් හා වැසිකිළි කැසිකිළි, වාහන නතර කිරීමේ ස්ථාන පහසුකම් පුළුල් කිරිමට සැලසුම් කර තිබේ. ඊට අදාළ ප්‍රතිපාදන සපයා ගැනීම සදහා විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින  බව ද ඇමතිවරයා මෙහි දි කීවේය.

දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සදහා සීගිරිය ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් පහසුකම් ඇති කිරිමට ද රජය සිය අවධානය යොමු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවත් පැවසු ඇමතිවරයා සීගිරිය සංචාරක කළාපය ආශ්‍රිතව පවතින සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් මුහුණ දෙන ගැටළු ද කඩිනමින් විසදීමට දැනටමත් පියවර ගෙන ඇතැයි ද කීවේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.