Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉපැරණි බිතු සිතුවම් මෙන්ම යුග හතරක ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ අදටත් ජීවමානව දැක ගත හැකි ලෝක උරුම බෞද්ධ සිද්ධස්ථානයක් වන හිදගල රජ මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටි ඉන්ද්‍රසාර පර්වතය සහ ඉන්ද්‍රසාර ගුහාව වැනි නම්වලින් හැදින්වෙන හිදගල රජමහා විහාරස්ථානය විනාශයට පත් වෙමින් ඇති බව මාධ්‍ය මගින් පෙන්වා දුන්නා. ඒ පිළිබද විශේෂ අවදානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරස්ථානය කඩිනමින් සංරක්ෂණය කරන ලෙස උපදෙස් ලබාදුන්නා.

ඒ අනුවයි ජාතික උරුමයන් ප්‍රාසාංගික කලා කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් මේ සදහා විශේෂඥ කමිටුවක් පත් කෙරුණේ. විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරුණා. අනුරාධපුර , මහනුවර, ගම්පොල මෙන්ම මහනුවර යුගයේ බිතු සිතුවම් කටාරම් ශිලා ලේඛන ඇතුළු පුරා විද්‍යා සාධක රැසක් හිදගල රාජමහා විහාරස්ථානයේ පවතිනවා.

බුදු රජණන් වහන්සේ ඉන්ද්‍රසාර ගුහාවේ දී සක්‍ර දේවේන්ද්‍රයන් ප්‍රමුඛ දෙවිවරු සදහා දහම් දේශනා කළ බිතු සිතුවමද මෙම විහාරස්ථානයේ දක්නට ලැබෙනවා. එම ඓතිහාසික උරුමයන් අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ වගකීම හදුනාගනිමින් මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ කෙරුණු බව ඓතිහාසික හිදගල රජමහා විහාරභාර කාර පූජ්‍ය ඇඹිල්මීගම ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.