ළමයින්ට හා අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට හෙට සත්වෝද්‍යානවලට ඇතුල්වීම නොමිලේ
- 2022-09-30 10:43:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනය ද හෙටට ( ඔක්තෝබර් 01) යෙදී තිබේ. මෙම දිනය සමරමින් පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වු වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලයේ ඇතුලු වී විනෝද වීමට අවස්ථාව සළසන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
ඒ අනුව සියලුම සත්වෝද්‍යානවලට දරුවන්ට හා වැඩිහිටියන්ට නොමිලයේ ඇතුල් වීමට අවස්ථාව ලබා දීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.
එමෙන්ම මෙම සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීමට අද්‍යාපනික වැඩ සටහන් රැසක් සංවිධානය කර ඇති අතර දරුවන්ට හා වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා දී ඇත.
සත්වෝද්‍යානයන් වෙත පැමිණෙන දරුවන්ට විස්කෝතු වර්ග හා අයිස්ක්‍රීම් නොමිලයේ ලබා දීමට ද අනුග්‍රාහක ආයතන රැසක් මෙවර ඉදිරිපත්ව සිටින බව ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments