ළමුන් 100ට අඩු පාසල් විවෘත කිරීමට අවධානය
- 2021-07-02 23:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජූලි මාසය තුළ විවෘත කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අද (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේය.
ඒ සඳහා ගුරුවරුන්ට එන්නත් ලබාදීම පළමු ව සිදුකිරීම අනිවාර්ය බව ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී අවධාරණය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
මෙරට තුළ ළමුන් 50ට අඩු පාසල් 1,439ක් සහ ළමුන් 51 - 100 දක්වා පාසල් 1,523ක් ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.
පළමුවෙන් එම පාසල් ආරම්භ කර පසුව අනෙකුත් පාසල් ද නිසි සැලසුමකට අනුව විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments