ළමුන් සඳහා එන්නත්කරණය ඔක්තෝබර් අවසන් කිරීමට සැලසුම්
- 2021-09-24 17:45:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ අනුව වයස අවුරුදු 12 – 19 අතර සංකුලතා සහිත දරුවන් මෙම වැඩපිළිවෙල යටතේ මුලිකව එන්නත්කරණයට ලක් කෙරේ.
මෙරට ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙල අද (24) නිල වශයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. ශිරන්ති රාජපක්ෂ මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියාය
ඒ අනුව කායික හා මානසික සංකූලතා සහිත දරුවන්ට මෙම එන්නත මුලිකව ලබාදෙන අතර තැලසීමියා රෝගයට ලක්ව ඇට මිදුළු බද්ධ සැත්කමක් සිදු කර ඇති 14 හැවිරිදි හුණුපොළ, පහලගම ප්‍රදේශයේ පදිංචි දැරියකට පළමුව එන්නත ලබා දීම සිදු විය. මෙයට සමගාමීව අනුරාධපුර හා කුරුණෑගල රෝහල් වලදීද මෙලෙස දරුවන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කෙරිණි.
විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ මුලික රෝහලකින් ඉහළ රෝහලක් තුළදී මෙම එන්නත්කරණය සිදු කෙරේ. සෞඛ්‍ය අංශ මේ වන විට හඳුනා ගෙන ඇති ආකාරයට මෙරට වයස අවුරුදු 12 – 19 ත් අතර විවිධ සංකූලතා සහිත දරුවන් 35000 ක් පමණ සිටී. ඒ අනුව ඔවුනට ෆයිසර් එන්නත ලබා දීම සිදුවේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය අංශය ඇතුළු එහි සියලු ක්ෂේත්‍ර හා අධ්‍යාපන ක්ෂේත්‍රය සමඟ මෙම වැඩපිළිවෙල පිළිබද දීර්ඝව සාකච්චා කල බවත් එහිදී ගනු ලැබු තීන්දු තීරණ ඔස්සේ ළමුන් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කල බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
වෛද්‍ය අංශයේ නිර්දේශ මත විවිධ සංකූලතා සහිත දරුවන් සුපරික්ෂාවට ලක් කරමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් එම දරුවන් සඳහා මුලිකව එන්නත්කරණය සිදු කරන බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
මෙම වැඩපිළිවෙල අනුව මුලිකව සුදුසුකම්ලත් දරුවන්ට වෛද්‍ය උපදෙස් අනුව ගන්නා වු තීරණ ඔස්සේ එන්නත්කරණය සිදු කරන බවත් එහි විද්‍යාත්මක පදනම තුළ සිට වෛද්‍ය හා සෞඛ්‍ය අංශය විශ්ලේෂණාත්මක කටයුතු තරන බවත් අමාව්‍යවරයා මෙහිදී කීය.
එළඹෙන සඳුදා (27) සිට කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල් වලදී ද මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට සැලසුම් කරගෙන ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments