“සිංහල ගොවිතැන” ජනපතිට පිළිගන්වයි
- 2022-02-21 13:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පණ්ඩිත, පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් නැවත මුද්‍රණය කළ “සිංහල ගොවිතැන” කෘතිය පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්විණ.
පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් විසින් වර්ෂ 1951 දී රචිත “සිංහල ගොවිතැන” කෘතිය මගින් සරුසාර අස්වැන්නක් සඳහා භාවිත කළ ගොවිතැන් ක්‍රම හා උපකරණ පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කර ඇත.
වස විසෙන් තොරව කළ සිංහල ගොවිතැන නැවත වතාවක් පණ ගැන්වීම පිණිස මෙම කෘතිය යළි මුද්‍රණය කළ බවත් මෙය රාජ්‍ය නිලධාරීන් අතර බෙදා දෙන ලෙසත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය වලේබොඩ ගුණසිරි, ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය මැදඋයන්ගොඩ විජයකිත්ති හිමි, පූජ්‍ය රත්මලානේ රතනසිරි හිමි යන භික්ෂූන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කළහ.
Reply To:
Name - Reply Comment
0 Comments