මුතියංගණ රජමහා විහාරය
- 2018-11-20 18:53:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බදුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ විහාරගොඩ ග්‍රාමයේ මෙම විහාරය පිහිටා ඇත. කොළඹ - බණ්ඩාරවෙල මාර්ගයේ හෝ මහනුවර නුවරඑළිය මාර්ගයේ බදුල්ල නගරයේ සිට මඩකලපුව මාර්ගයේ මඳ දුරක් යන විට මාර්ගයෙන් දකුණු පසට වන්නට මෙම විහාරය හමුවේ.
නමුණුකුලට අධිපති
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වස වෙසක් මස පුන් පොහෝදා පන්සීයක් මහරහතන් වහන්සේලා සමගින් කැලණි පුරයට වැඩම කළ අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දක දෙවියන්ගේ ආරාධනාව මත මෙම පුණ්‍ය භූමියට වැඩම කර ඇත. එහිදී බුදුරජාණන් වහන්සේ මුතියංගන මහ සෑ රදුන් පිහිටි බිමෙහි මොහොතක් සමවත් සුවයෙන් වැඩසිටිමින් දහම් දෙසූ සේක.
ඉන්දක දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේගේ වැඩම වීම සිහිපත් වීම වස් පූජනීය වූ යමක් අයැද සිටි තැන බුදුරජාණන් වහන්සේ මුක්තක ධාතූන් සහ කේශ ධාතූන් ලබා දුන් සේක. එම ධාතූන් වහන්සේලා නිදන් කොට ඉන්දක දෙවියන් මුල්ම වතාවට මුතියංගන මහසෑ රදුන් ඉදි කරන්නට විය. මින් අනතුරැව ලක්දිව රජ පැමිණි සියලු රජවරැන්ගේ රාජ්‍ය අනුග්‍රහය ලැබ දීප්තිමත් වූ මුතියංගන රජමහා විහාරස්ථානය සියලු ලක්වාසීන්ගේ ජය භූමිය විය.
මුත්තක ධාතුව
මුතියංගණය වූ කලී වන්දනීය සොළොස්මස්ථාන අතුරින් එක් ස්ථානයකි. ජනප්‍රවාදයට අනුව මුතු බවට පත් වූ බුදුරදුන්ගේ ඩා බිඳු හෙවත් මුත්තක ධාතුව මෙහි තැන්පත් කොට ඇත. බුද්ධඝෝෂ හිමියන්ගේ සමන්ත පාසාදිකා අටුවාවට අනුව බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පොහෝ දින ලංකාවට වැඩම කළ තෙවන ගමනේදී බුදු රජාණන් වහන්සේ මෙම ස්ථානයට වැඩම කොට තිබේ. මජ්ඣිම නිකායට අයත් අටුවා ග්‍රන්ථයක මලියදේව රහතන් වහන්සේ විසින් මෙම ස්ථානයේ චරක්ත නම් සූත්‍රය දේශනා කොට ඇත. එමෙන්ම දෙවන පෑතිස් රජු විසින් මෙහි දෙතිස්ඵල බෝධියක් රෝපණය කළ ස්තූපය විශාල කොට සාදවන ලද බවට ද විශ්වාසයක් පවතී.
පෙතිකඩ
මෙම භූමියේ ඇති අංග අතුරින් විහාර ප්‍රවේශ තොරණ, ස්තූපය, විහාර මන්දිරය, අෂ්ටඵල බෝධිඝරය ප්‍රධාන වේ. සමාධිගත බුද්ධ රෑපයක් දෙපස මොනර රෑප දෙකක් සහිත ප්‍රවේශ තොරණ සුවිශේෂි නිර්මාණයකි. මේ හැරැණු විට ගල් පුවරැ, පැරණි ගල්කණු සහ වෙස්සන්තර ජාතකය පිළිබඳ පිළිබිඹු කෙරෙන පැරණි පෙතිකඩ සිතුවමක් මෙහි වේ. මෙම පෙතිකඩ සිතුවම පෙරහරකින් නමුණුකුල කන්දට රුගෙන යාමෙන් වර්ෂාව ලැබෙන බව විශ්වාස කෙරේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇති මෙම ස්ථානය 1979 පූජා භූමියක් ලෙස නම්කොට තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments