අඟහරැ මත අවුරැදු සැමරැවෙමු
- 2018-05-06 12:32:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඟහරැ වෙතට යන යානාවකින් ගොසින්
එහි සිට අවුරැදු සමරනු ලබන සිතින්
කජු තුරැ හිස සිටි කොවුලත් අරන් අතින්
යන්නෙමු මේ විලස අපි සැම ඉතා තුටින්
සක්වළ අමුත්තන් හඳුනාගෙන මෙලෙස
පිළිගෙන ඔවුන් අප එළමින් රතු පලස
පුද සත්කාර කරමින් මිතුරන් විලස
නැතිකර නසා දැමුවේ අපගේ වෙහෙස
එක් වී සැවොම නව අවුරැදු සමරමින
සූදානම් වෙමින් කැවිලිත් පිසගමින
අරගෙන ගිය කොහා පියඹයි නද දෙමින
අඟහරැ ලොව පිරෙයි ගිනිකෙළිවල හඬින
ළිප මැද කිරි ඉතිරෙයි සුබ නැකතකට
අවුරැදු සිරිය පැතිරී අඟහරැ ලොවට
මිතුරන් සමග ජනකෙළි කරමින් යසට
අවුරැදු සැමරැවෙමු අඟහරැ ලොවේ සිට
කල්හාර නානායක්කාර
11 වැනි ශ්‍රේණිය,
ගා/රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments