අපේ ගමට වැස්ස
- 2018-08-30 15:52:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අහසේ පාට වෙනස් වෙනවා මං දැන් දුටුවා
කළු කරමින් අහස පුරා අකුණක් කෙටුවා
හෝ ගාමින් ගස් ඇඹරෙන සුළඟක් හැමුවා
පුංචි ළමයි බියපත් වී කෑ මොර දෙනවා
අහසෙ ඉඳන් මහ වැස්සක් පොළොවට වැටුණා
පොළොව පුරා දුඹුරැ පාට වතුරක් ගැලුවා
අපේ ගම මැදින් යන ගඟ වතුරෙන් පිරැණා
පොළොව නගන නැවුම් සුවඳ ගත පිනවෙව්වා
වැස්ස සෙමින් සෙමින් සෙමින් පහළට බැස්සා
නැගී ආපු කුරැලු නාදෙ ගම පිනවූවා
ගස්වලටත් අලුත් පණක් ලැබුණා දුටුවා
අපේ ගමට අලුත් පණක් වැස්ස ගෙනාවා
දිනිති හංසානි සයුරංගිකා
7 ශ්‍රේණිය,
කෑ/මාව/ හිරිවඩුන්න මහා විද්‍යාලය,
කෑගල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments