අමතක නොවන දිනයකි
- 2019-11-22 13:50:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදෑසන ම මම ඉතා සතුටින් ආවා පාසල වෙතට යන්නට
ගඟෙන් එගොඩට යන්නෙ කොහොමද අයිතිකාරයා නෑනේ ඔරැවට
මම එනවිට පරක්කුයි දැන් බෙල් එකත් ගහනවා සද්දෙට
කුමක් කරනෙද අනේ මම දැන් එන්නෙ කවුරැද පිහිට වන්නට
දෙපැත්තේ ලණුවක් තිබූ බව මතක් වූයේ පස්සෙ මා හට
පාවහන් දෙක ගලවලා මම ගියානේ ලණු තිබූ පැත්තට
ගතේ ශක්තිය නැතත් මාහට හිතේ ශක්තිය අරන් දෑතට
කළා තරණය මටත් නොදැනිම ලීය උඩ ඉඳ ඉතා හනිකට
පාසල වෙත ගොස් විගසින් සිහිකර බුදු ගුණ හනිකට
පන්තිය වෙත මම යනකොට ගුරැතුමි සිටියා දොරකඩ
ඇගේ කරැණා දෑසේ තිබූ කඳුළු බිංදු දැකගත් විට
පාදය වෙත සපත්තු දෙක නොදැනිම දැමුණා මා හට
රන්මි නිමාෂා
8 ශ්‍රේණිය,
බප/මතු/ ශාන්ත මේරි මධ්‍ය මහා විද්‍යාලය, මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments