අඹ ගෙඩියේ කතාව
- 2020-01-24 12:09:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක දවසක් ගෙදර මිදුලෙ අඹ ගහක් උඩ
මෙලොව එළිය දැක ඇත්තේ පෝය දවසක
සඳ කුමරිගෙ රුස් විහිදෙන සේලෙ පැටළිණ
සතුටින් හිනැහෙමින් හිටිය අඹ ගෙඩිය මම
මං ගැටයක් කාලෙ හරිම පොඩියට හිටිය
වටේ හිටියා කොළ මාමලා මාව වහගෙන
ලොකු වෙනකම් රුක්කෙ මාව ඇහැක් වාගෙම
ඔබලට පින් කොළ මාමේ මාව රුක්කට
ඔහොම ඔහොම චුට්ට චුට්ට කාලය ගෙවුණා
මගේ ඇඟේ කොළ පාටත් මැකීලා ගියා
කහ පාටට බැබළි බැබළි මං සතුටු වුණා
ගිරා පැටවු ලේන් පැටවු වටේ කැරකුණා
එක දවසක් ගෙදර බබා ගලකින් ගහලා
ගහ උඩ රජ කරපු මාව බිම ඇද දැම්මා
කහ පාටට දිලිහුණු මගෙ හම ගැලවූවා
කෑලි කෑලිවලට කපා මගෙ රස බැලුවා
චමෝදි දිව්‍යාංජනා
10 හ්‍රේණිය,
හලා/ආනන්ද ජාතික පාසල, හලාවත.
Reply To:
Name - Reply Comment
0 Comments