අහිමි වූ මවුපිය සෙනෙහස
- 2019-12-20 10:14:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සේසතක් දෝතින් දරා උපන්නකු වුවත් මා
දරා නොගත් දෙයක් වේ
එය නම් ‘ප්‍රේමයයි‘
ඒ නිසාමලු
මවකගෙන් ගලා ආ රැහිරැ බිඳු
කොතරම් පෙරළුණත් කිරට
ඒ පහසවත් ලබන්නට මා
අපොහොසත් වුණේ
මෙලෙසින් වචනයෙන් වචනයට
මතකයන් දිග හැරෙයි
අතීතේ රූ දවල්
දහදියෙන් ගත සනසවා
මොනර කොළවලින් සේසතක් මට පුද කළ
පියතුමනි කොහිද අද නුඹ
අසරණයි මා අද
ගලා එයි කඳුළු බිඳු
ඒත් කළ යුත්තේ එක් දෙයකි
වාණිජමය ලෝකයක
කවුළු පියන්පත් හැර
යථාර්ථය දෙස බැලීම පමණි
දිල්රංගි ජයනිකා
12 ශ්‍රේණිය,
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය,
ඉබ්බාගමුව.
Reply To:
Name - Reply Comment
0 Comments