අහිමි වූ සෙනෙහස
- 2019-07-25 21:28:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවියේ සොඳුරැතම හිණිපෙත්තට ම ගිය මම
සෙවුවෙ අද සෙනෙහසයි මවු තුරැලෙ හිඳ හඬන
කුඩා වසු පැටවකු ලෙසින මව සොයා පිය මනින
මවුනි අද ඔබ කොහිද සොයමි මම සොයමි මම
මවුනි ඔබේ වියෝවෙන් කලක් ගත වී ගොසිනි
ඔබ නොමැති මගෙ සෙනෙහෙ ටිකෙන් ටික වීය තනි
ඔබ සමග නිතර කළ සිනාබස් සිහිවෙද්දි
තනි රුකපු සෙනෙහසක් දුක් ගීය මුමුණාවි
ජීවිතය මෙලෙස යැයි මවුනි ඔබ කියාදුණි
ඒ නමුදු ජීවිතය දකින්නට ඔබ නොමැති
පදවැලින් වැල ගැටෙයි ඔබේ රැව සිහිවෙද්දි
නැවත ඔබ මා සොයා ඉක්මනින් එනු මැනැවි
ඔබ වියෝ වූ දින ම සිඟිති පා ගෙතුළ මැද
ඇය සිනාසෙයි බෝම ඔබ නොමැති බව නොදැන
ඇගේ කිරි කැටි වදන් තුළ මැවෙයි ඔබේ හඬ
කෙදින හෝ මා සේ ම ඇය සොයයි සෙනෙහස ම
දුලක්ෂි භාග්‍යා
12 ශ්‍රේණිය,
වෑවිට මෛත්‍රි විද්‍යාලය, බණ්ඩාරගම.
Reply To:
Name - Reply Comment
0 Comments