අහිමි වූ ළමා ලොව
- 2019-10-10 22:51:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉගෙනීම නමැති මහා සාගරය
තරණය කර ලොව ජය ගැන්මට
නිතර වෙහෙසෙන ළමා පරපුර
ගිලිහී ගියේ දෝ අපේ ළමා ලොව
පාසලෙන් පන්තියට පන්තියෙන් පන්තියට
යන නිසා ළමයින්ට
නොලැබුණි ද විවේකය
ගෙදර වැඩ කරන්නත්
පාසලෙන් දෙන වැඩ
කරන්නට කොහෙද වෙලාව
ගෙදර වැඩ නොකළහොත්
ලැබේ වේවැල් පහර
අප ගැන කිසි දුකක්
නොසිතේ දෝ ගුරැවරැන්ට
කෙළිදෙළෙන් ගත කළ ළමා කාලය
අහිමි වී යැයි නොදැනීම
මේ ඉගෙනුම නිමා කර
දිනෙක පියඹමි විහඟකු සේ
අවට සිරි විඳින්නට
දෙන්න මට අවසර...
පූජනී වත්මාවි වීරසූරිය
9 ශ්‍රේණිය,
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය,
අනුරාධපුර
Reply To:
Name - Reply Comment
0 Comments