ඇත් පරපුර රැකගනිමු
- 2018-11-11 11:36:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නින්ද යන්නෙ නෑ කුසගිනි දැල්වෙනවා
එළියට යන්න බෑ මර බිය රජවෙනවා
පොලිතින් කනව වන සම්පත වනසනවා
ඇත් පරපුරම වනයේ කඳුළැලි බොනවා
ගස්වැල් කපලා වනයම ගිනිබත් කරලා
තිබහට ජලය නෑ ඇළදොළ ගං හිඳිලා
කිරිටික දෙන්න බෑ බඩ පොලිතින් පිරිලා
මොනවා කරන්න ද යමු මෙතැනින් හැරිලා
නුවර පෙරහැරේ ඇති රජ කියන්නේ
ඇත් දළවල මිල කීයද අහන්නේ
මාගේ දෙදළ අරගන්නයි කියන්නේ
ඇත් පරපුර ඉන් පසුවට රුකෙන්නේ
පොඩි ඇස් දෙකයි ලොකු ඇඟ තඩියකි මාගේ
මිනිසා ලොකුයි මොළගෙඩිය ද තියෙයි අගේ
මින්පසු පෙරහැරට නැත ඇත් රජු ඔබගේ
පරපුර රුකගන්න පණ දෙනවා මාගේ
විශ්මිතා කුලතිලක
4 ශ්‍රේණිය,
බප/හෝ/ජනාධිපති විද්‍යාලය, අවිස්සාවේල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments