උදෑසන අසිරිය
- 2019-09-20 09:12:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා කන්ද උඩින් එබී බලනවා
කුරැලු රූන් රූන් රූන් නාද කරනවා
සුදු කොක් රූනක් වාගේ ළමයින් යනවා
හිමිදිරියේ උදෑසනක සිරි ඉතිරෙනවා
පුංචි ළමයි මිණි කැට සේ පාසල් යනවා
මී මැස්සන් සමනලයන් මල් පැණි බොනවා
සුළං පොදක් ඇඟ වැතිරී සුවය ගෙනෙනවා
හිමිදිරියේ උදෑසනක අරැණ ගෙනෙනවා
පාන්දර ම ගොවි මාමා කුඹුරට යනවා
උදෑසන ම කුසුම් පිපී සුවඳ හමනවා
මී මැස්සන් ගුම් නද දී ගෙන කැරකෙනවා
උදෑසනක අසිරිය මේ ලොවට ගෙනෙනවා
හිමාෂා කල්පනී
6 ශ්‍රේණිය,
මාර/තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments