ඔබයි මගේ අම්මේ
- 2018-10-12 13:16:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අවිඳු අඳුර දුරලා
සිප් කිරි ද පොවලා
පැහැබර හෙටක් මවලා
දිවියේ මඟ පෑදුවේ
ඔබයි මගේ අම්මේ
මගේ දිවිය ඔපවත් කරන්නට
ඉගෙනුමේ කඩඉම් ද
පසු කරන්නට
දිරිය දුන්නේ
ඔබයි මගේ අම්මේ
විඩාපත් වූ විට
මා ගත සනහා
දුකක් දැනුණු විට
මසිත සනසා
මා දිවිය සතුටු කළේ
ඔබයි මගේ අම්මේ
ආශිනි ජීවන්ති
10 ශ්‍රේණිය,
ර/බලංගොඩ විද්‍යාලෝක මහා විද්‍යාලය, බලංගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments