ඔරුවක ගෙවන ජීවිතේ
- 2019-09-24 17:09:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිරිඟු දිය සේ පෙනෙන
දියදහර මත ඇදෙන
ඇදී යන මේ මාවතක මිස
ගලායාවී මගේ රැධිරය
වෙහෙස වී සොයා ගන්නා
සතුට නැත නිවා යන්නේ
මගේ තනිකම
පාළුවයි තනිකමයි
පමණමයි මගේ අවිය
ජීවිතය නම් සයුර
කෙසේ තරණය කරන්න ද මම
දකින විටදී බුරැත ගස් දෙක
මතක් විය මට මගේ මතකය
හමුවෙනා නෙක් දනන් අතරින්
ඔරැ කබල පමණකි සිනා පෑවේ
ඉටුකරන මගේ සිහින සේයා
නිවී දිලෙනා පුන්සඳකි ඔබ
හමුවුණත් කෙතරම් සුළං රුළි
ගං තෙරේ වග නොඇසුවෙමි මම
හී සැරය විත් වදින විටදී
දැනෙයි තනිකම පුරැදු පරිදිම
අසා මතක රුස
ගෙවනා කල්පය
නිවී සංසිඳේ මගේ ප්‍රේමය
විඩා නිවනා ඔරැ කබල මිස
මගේ ජීවන මං පෙත
දුරය....
දර්ශනී දසනායක
12 ශ්‍රේණිය,
මප/කොත්/ හැදුණුවැව මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments