කාලගුණය හරි අමුතුයි
- 2019-01-18 14:26:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැසි වසීවි - නොනැවතේවි
ගඟ පිරේවී - ගලා යාවි
වැසි වැටේවි - නාය යාවි
දිවි නැසේවි - ඇස් හඬාවි
අහස පුරා - විදුලි කොටයි
ගිගුම් හඬයි - මහ සද්දෙයි
වැසි නවතියි - හිරැ නැගිටියි
ලොව එළියයි - වැසි පරදියි
රූ අහසයි - මහ මුහුදයි
තරැ බැබළෙයි - රුළි පෙරළයි
මල් පිබිදෙයි - සුවඳ හමයි
මද සුළගයි - සිත සනසයි
වැසි කාලෙට - වැව පිරේවි
අව්වට වැව - හිදී යාවි
වැසි වැස - අව්වද පායයි
කාලගුණය - හරි අමුතුයි
ඩබ්ලිව්.එම්.චලනි චාමින්දි
10 වැනි ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය,
බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments