කිරිල්ලියකගේ ගීතය
- 2017-10-11 12:19:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වනය පුරා පියැඹුවේ මිතුරැ කැලට මැදිවයි
නිල් අහසේ රංචු ගැසී ඇදී ගියේ ළැදිවයි
රසින් පිරුණු කෑම සොයා ඔබ මොබ සැරි සැරැවයි
එනමුදු ඒ සතුටු සමය සොරා ගත්තෙ මන්දැයි
නපුරැ දනන් වනයට වැද තුරැඵල සැම වනසයි
අපේ පුංචි කූඩු කැඩී සීසීකඩ විසිරෙයි
පුංචි පැටව් බිමට වැටී තැන තැන හිඳ නද දෙයි
අප නිදහස නැතිකොට ඔබ සතුටු වුණේ මන්දැයි
කොළ පැහැ ගත් තුරැවදුලේ අසිරිය වියැකෙනවා
රස ඵල නැහැ සියොතුන් කැල ඈතට පියඹනවා
අතීතයේ අප සතුටින් සිටි සැටි සිහිවෙනවා
මිනිස්සුනේ අප සැම අද කතරක තනිවෙනවා
තුරැ වදුලක සිසිල ලබන සතුට එපා උදුරගන්න
ඔබට අවැසි අපට උරැම වනය එපා නැති කරන්න
ඔබේ නිවස නැති වුණ දා දැනෙනා දුක සිහි කරන්න
එලෙස සිතා අප නිදහස නැවත අපට ලබාදෙන්න
දිමන්යා චනුත්මී වෙලගෙදර
6 ශ්‍රේණිය්‍ය,
අනුලා විද්‍යාලය, නුගේගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments