කෝ ඉතිං මට වේලාවක්
- 2019-11-04 10:56:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මමත් ආසයි වැස්ස දවසට
කඩදාසි ඔරැවක් හදන්නට
ගණන් තොගයක් ඇත හදන්නට
ඉතිං කෝ මට වෙලාවක්
මමත් ආසයි කවි ලියන්නට
හිතට එන දේ පද කරන්නට
පොතක් ඇත පාඩම් කරන්නට
ඉතිං කෝ මට වෙලාවක්
මමත් ආසයි රණ්ඩු වෙන්නට
නංගි හා යළි යාළු වෙන්නට
පන්තියක් අද හවස යන්නට
ඉතිං කෝ මට වෙලාවක්
මමත් ආසයි සිනා සෙන්නට
ළමා කාලය රස විඳින්නට
විභාගෙකි අත ළඟ ලියන්නට
ඉතිං කෝ මට වෙලාවක්
සඳුනි පාරමි
12 ශ්‍රේණිය,
ක/බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments