ගුරු මවුනි පියතුමනි
- 2019-11-04 10:58:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එදා දුන්න අවවාදය අනිත් අතට හරවලා
ඔබට බැන්න මගෙ මිතුරා
පාර අයිනේ ටින් එකකුත් අතේ අරන්
කට්ට අවුවේ වේළි වේළි සිඟමන් යනවා
ප්‍රමාද වී ගෙදරට ගොස්
පාසල් වැඩ නොකළ දිනේ
ඔබ මා හට ගැසූ පහර
ඔබ මා හට බැණපු වදන්
මා හට අද සිහිවන විට
කඳුළු ගලනවා දෙනෙතින්
එදින එසේ කළ හින්දා
මා හට අද නැත නින්දා
අදවන විට මා සිටිනා තැනට එන්න
මග හෙළිකළ අතීතයේ තැලූ පහර
මහ පිටිවහලකි අදටත් අතීතයේ නොතේරැණත්
ඉගෙනීමට තිබූ අගය අද වන විට සිහිවේ මට
ගුරැ මවුනි පියාණනි
ඒ පින ඔබලට සදහට
මුළුමනින් ම අත් කර දෙමි
කවීෂා ප්‍රියංවදා සිරිරංජන
9 ශ්‍රේණිය,
බප/හෝ/ පණ්ඩුකාභය මහා විද්‍යාලය,
හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments