ගුරු මෑණි
- 2019-10-15 10:01:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මසක් කුස දරා නොසිටියත්
ලේ කිරි කර පෙවීමට නොහැකි වුවත්
මවකට දෙවැනි නොවන සෙනෙහසක් දැක්වූ
ඔබයි මාගේ දෙවැනි මව්තුමිය
ගුරැ මෑණියනි
උදයට පායන හිරැ මෙන් පියකරැයි ඔබ මට
සවසට පායන සඳ වාගේ සිසිලසයි ඔබ ළඟ
මවගේ සෙනෙහස වාගෙමයි ඔබෙ සෙනෙහස
සිත කියයි සැමදින ඔබ දැකීමට
ගුරැ මෑණියනි
සතුටින් පාසල් පැමිණ ඔබෙන් සිප් සතර හදාරා
අනාගතය සරැ කර ගැනීමට වෙහෙසෙන මා හට
බාධා මැඩගෙන ලෝකය දිනූ දිනයට
ලොව බබළන තරැවක් වූ විට
නැගේ මාගේ දෑසට කඳුළු සිහිවන විට ඔබ
ගුරැ මෑණියනි
හිරැනි නවෝදා
11 ශ්‍රේණිය,
මො/වෙහෙරයාය මහා විද්‍යාලය,
ඇතිලිවැව.
Reply To:
Name - Reply Comment
0 Comments