ජපානයට හිම වැස්සක්
- 2019-07-25 21:17:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුලුන් බෝල සේ හිම කැට බිමට වැටෙනවා
සුදු හිම පොළොවේ පලස් මවනවා
සකුරා මල් කැකුළු හිමෙහි රටා වියනවා
ජපානයට හිම වැස්සක් ඔන්න වැටෙනවා
කුඩ ඉහලූ ජපන් ළඳුන් එහෙ මෙහෙ යනවා
සකුරා මල් කිනිති මතට හිමත් වැටෙනවා
රෝස පලසෙ මුතු රටාව වගේ පෙනෙනවා
ජපානයට හිම කැට කැට ඔන්න වැටෙනවා
සුළං කුමරි ශිත පවන රුගෙන දුවනවා
සකුරා මල් සුවඳ පවනෙ ගෙත්තම් වෙනවා
ශීත පවන් සේද අවට පාවී යනවා
හිම වරැසා ශීත කාලේ අරගෙන එනවා
තරැෂි රසාංගිකා සමරසිංහ
8 ශ්‍රේණිය,
රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ.
Reply To:
Name - Reply Comment
0 Comments