ජිනරාජ මගෙ මවුනි
- 2019-11-03 09:44:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිදහසේ උගනින්න හොඳ ම තැන ඔබ ඉන්නෙ
අම්බුළුව කඳු දහන සෙවණ දී සනහන්නෙ
දෙපස ඇති දිය දහර සිරි අසිරි වඩවන්නෙ
ගඟසිරිපුරේ කිරැළ ඔබ තමයි හොබවන්නෙ
බුදු රදුන් නම් ගත්තු ජිනරාජ විරැවරිය
නුඹ විලස මෙහෙවරක් සපයන්න වෙන බැරිය
ජීවිතය ජය ගන්න මග කීව ගුරැවරිය
විටෙක මට මවකි නුඹ තව විටක සොහොයුරිය
වැටි වැටී නැගිටින්න කියා දුන් මගෙ මවට
ජිනරාජ නමින් කළ ඒ උතුම් මෙහෙවරට
ලංකාව සෑම අත පැතිරෙවුව කිතුගොසට
ඔබ පුතකු ලෙස මහත් අභිමාන දේ සිතට
සියවසක් පසු කරන් යන්න තව ඉදිරියට
බිහි කරනු තව පුතුන් ලක් මාතා දිනවන්ට
සිරිකත් පිට දෙසුත් එක විලස ජය ගන්ට
දෙනු තවත් ඔබ දෑත එය වටී ඔබ පුතුට
කාවින්ද ලක්මාල් විජේරත්න
11 ශ්‍රේණිය,
මප/ගම්/ ජිනරාජ පිරිමි විද්‍යාලය,
ගම්පොල.
Reply To:
Name - Reply Comment
0 Comments