දවසක උපත විපත
- 2019-08-15 11:28:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පායයි හිරැ කන්ද උඩින්
එළිය බෙදයි තීරැ ලෙසින්
දවස පටන් ගන්න සිතින්
කුරැල්ලෝ යයි අහස උඩින්
ඉර මුදුනට දිව යන්නේ
රශ්මිය වැඩි වැඩි වන්නේ
ඇඟපත වෙහෙසි යන්නේ
දහවල යැයි මේ එන්නේ
දිව යයි හිරැ අවරගිරට
සියොතුන් එයි කැදලිවලට
මඳ සුළඟක් දැනෙයි ගතට
හවස ලැබෙයි මේ විදිහට
හිරැ බැස සඳ එයි අහසට
පෙනෙයි පුංචි තරැ හඳවට
ලස්සන දිස්වේ කදිමට
දවස ගෙවෙයි මේ විදිහට
දවසේ උපත විපත මෙයයි
ජීවිතයත් මේ වාගෙයි
එය දැනගත්තොත් කදිමයි
දැන ගැනීම අපට හොඳයි
හර්ෂණි කාවින්ද්‍යා
7 ශ්‍රේණිය,
ව/ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments