Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දළදා පෙරහර ළඟ එනවා

  • 2018-11-21 14:59:05
  • 0 Comments

කස පුපුරන හේවිසි බෙර     නාදේ
හෙණ හඬ පුපුරන මහබල නද     දේ
පාද සලඹ මිණි කිංකිණි     තාලේ
නැටුම් පෙළේ අසිරිය අප හට     දේ

ගිනි බෝල කරකමින් උඩ දමමින්     එන
සාදු සාදු නද දසත පැතිර     එන
ඇතුන් සමග අලි රුඟුමන්     පෙළහර
පෙරහර ළඟ එනවාදළදා පෙරහර ළඟ එනවා

තුමුල බලැති ඇත් රජකු පිටේ     එන
සුරුකි අපේ කරඬුව එහි ගෙන     එන
තේජස් බව එහි විහිදී     පැතිරෙන
පෙරහර දළදා පෙරහර මේ     එන

සියවස් ගණනක මහරැ     අතීතෙකි
රුකගෙන ආ අප දන්ත    ධාතුවෙකි
බුදු හිමි සිහි කරමින් මේ     දිනයෙහි
එන්නේ මහ දළදා     පෙරහරකි

සිරිලක් මෑණියනි බැතියෙන්     පිළිගන්න
දළදා පෙරහර අපේ රැව්     දුන්න
මැදුරට උඩින් කඳුළැලි     පිසලන්න
දළදා කිරණ පැතිරෙනවා     සුපසන්න

වරැණි හංශිකා
11 ශ්‍රේණිය,
ර/ ශාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය,
බලංගොඩ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.