දළදා වැඩම වූ රාජා කතා කරයි
- 2018-11-21 15:05:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇත් පරපුරේ නොමැකෙන නාමය සතුව
හැම හිත් පුරා මා රැව අමතක නැතුව
කිතු ගොස පතුරමින් සුදු දිගු දළ ඇතුව
රාජා මමය ගිය පෙර දළදා කැටුව
සද්දන්ත නම් කුලයේ විකුමන් සපිරී
දුටුවද බොහෝ දන මා රැව සිත නොපිරී
දළදා කරඬු රජු ගෙන තේජස් රැසිරී
අදටත් සිහි නොවේද, පෙරහර ගිය අසිරී
කරඬුව පිට තබා පැමිණෙන ගමන වෙත
නිබඳව යොමු වුණේ එහි සිටි සැමගෙ නෙත
පිරිවර සමග සුදු පාවඩ පලස මත
පියමං කළෙමි ආඩම්බර ඇතුව සිත
දින සති ගෙවී ළං විය දිවි නිමාවට
පෙරහර යනු බැරිව කඳුළැලි එයි දුකට
පතනෙමි ඇත් රජෙක් එනු මැන පෙරහරට
දළදා රජුන් සුරුකේවා හැම කලට
කල්හාර නානායක්කාර
12 ශ්‍රේණිය,
ගා/රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments